සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්

සංගමයේ වෘත්තීය ගැටළු රැසකට විසඳුම්.

රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරීන්ගේ සංගමය සිය වෘත්තීන්ට අදාළ කරුණු කිහිපයක් සහ ආයුර්වේද සේවාව පුළුල් කිරීම මෙන් ම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සමග සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී පසුගිය දා විශේෂ සාකච්ඡාවක නිරත වන ලදී.

මෙම සාකච්ඡාවේ දී සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරි සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටළු රැසකට විසඳුම් ලබාදීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඇතූළු නිලධාරීන් කටයුතු කරනු ලැබීය.
මෙම සාකච්ඡාව සඳහා රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි ලේකම් වෛද්ය පී.ඩී.එන්.එස්.ජේ. බණ්ඩාර මහතා ඇතුළු සංගමයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර ආයුර්වේද වෛද්ය නිලධාරීන්ගේ නෛතික පිළිගැනීම, රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරීන්ගේ වෘත්තීය අයිතින්, බඳවා ගැනීම්, ආයුර්වේද වෛද්ය නිලධාරින්ගේ වගකීම, වගවීම හා කැපවීම, ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල්වල ක්රියාකාරීත්වය, රැකියා විරහිත වෛද්යවරුන්ගේ ගැටළු, වකුගඩු රෝග විශේෂඥ වෛද්ය සේවාව, පැය 06 සේවා මුර ක්රමය, ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන්ගේ කාර්යාල, කාර්ය මණ්ඩල හා උපකරණ, සංවර්ධන ව්යාපෘති, ඒකාබද්ධ ප්රතිකාර සේවාවක අවශ්යතාව, ආයුර්වේද සෞඛ්ය ප්රතිපත්ති, ප්රාථමික සෞඛ්ය සේවාව, උසස් තනතුරු සඳහා පත් කිරීම්, පරිපාලන තනතුරු පත්වීම් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරුණි.
සාකච්ඡාවට අනුව ශ්රී ලංකා ආයුර්වේද වෛද්ය සේවයේ අමතර සේවා දීමනාව සඳහා මසකට පැය 60 ක් එක අයෙකුට වන සේ දැනට සේවයේ යෙදෙන හා බඳවා ගැනීමට නියමිත වෛද්යවරුන් සඳහා ලබාදෙන ලෙස රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරීන්ගේ සංගමය නියෝජිතයින් කළ ඉල්ලීම අනුව අවම වශයෙන් පැය 40 ක ප්රමාණයක් ගෙවීම් කටයුතු සිදු කිරීමට මෙහි දී තීරණය වු අතර, එම තීරණය 2026 අයවැය යෝජනා වලට ඇතුළත් කොට 2026 වර්ෂයේ ජනවාරි මස සිට ගෙවීමට අවශ්ය කටයුතු සම්පාදනය කරන බවට ද තීරණය විය
.
ශ්රී ලංකා ආයුර්වේද වෛද්ය සේවයේ විශේෂඥ වෛද්යවරුන් සදහා එය පැය 120 ක් දක්වා ගෙවන ලෙස ද යෝජනා ඉදිරිපත් වු අතර, අමතර සේවා දීමනා ගෙවීම සදහා දළ වශයෙන් රුපියල් බිලියන 1.5 ක පමණ මුදලක් අවශ්ය වන බැවින් එම මුදල් වෙන්කිරීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.උක්ත දීමනා ගෙවීමට අදාළ චක්රලේඛන විධිමත් පරිදි ආයුර්වේද සේවයට අදාළ කිරීමට ද මෙහි දී යෝජනා විය.
තව ද පැය 06 සේවා මුර ක්රමය පළාත් රෝහල් හා රෝගීන් වැඩි රෝහල් තුළ ක්රියාත්මක කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වූ අතර, රාජකාරි කාලය දිවයිනටම පොදු වන සේ රෝහල්, වෛද්ය මධ්යස්ථාන, ප්රජා සෞඛ්ය සේවය, කාර්යාලවල වෛද්ය සේවාව, පළාත් පාලන සේවය පරිපාලන පහසුව සඳහා එකම පොදු ක්රමවේදයකට අනුව සිදු කිරීමට ක්රමවේදයක් සකස් කිරීමට ද මෙහි දී තීරණය විය.
රැකියා විරහිත වෛද්යවරුන් 304 ක් බඳවා ගැනීම අනවශ්යය ගැටළු පැන නොනැගුනහොත් ඔක්තෝබර් මස මුල් භාගය වනවිට සිදු කළ හැකි වන පරිදි කටයුතු සම්පාදනය කිරීමට ද තීරණය වූ අතර, වකුගඩු ව්යාපෘතියට අනුයුක්ත වෛද්යවරුන්ගේ ගැටළු පිළිබඳව මේ වන විට කැබිනට් පත්රිකාව යොමු කර ඇති බවත්, ඊට අදාළ කැබිනට් තීරණ ලැබී ඇති බැවින් වැඩිදුර වාර්තා සකස් කිරීම සදහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ද තීරණය විය.
සිමාවාසික වෛද්ය පුහුණුව විධිමත් කිරීම හා ප්රමාදය වැලැක්වීම, බටහිර සහ ආයුර්වේද වෛද්ය ක්රම ඒකාබද්ධ වෛද්ය ක්රමයක් ක්රමානුකූලව ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කිරීම හා නවීන උපකරණ සහ පහසුකම් ලබාදීම යන කරුණු පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කරමින් මෙහි දී සාකච්ඡා විය.
සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන ලද්දේ ආයුර්වේද වෛද්ය සේවාවේ සියළු අංශ ක්රමිකව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි. රජයේ ආයුර්වේද වෛද්යවරුන්ගේ වරප්රසාදයන් ලබාදීම සම්බන්ධව වඩා ගැඹූරින් සහ විද්යාත්මකව අවධානය යොමු කරන බව ද පෙන්වා දෙන ලදි.
ආයුර්වේද වෛද්ය විද්යාව තුළින් ප්රජාවන්ගේ යහපැවැත්ම පෝෂණය කිරීම, ආයුර්වේද සේවා ඉදිරියට ගෙනයාම, පරිපූර්ණ සත්කාර සහතික කිරීම සඳහා කටයූතු කරන බව ද වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි, අතිරේක ලේකම් (පාලන) යූ.එස්.කේ. දෙනාවත්ත, රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්ය ජේ.සී. කාසිගේ, ප්රධාන ලේකම් වෛද්ය පී.ඩී.එන්.එස්.ජේ. බණ්ඩාර, රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්යවරුන්ගේ සංගමයෙහි සභාපති, ලේකම් ඇතුළු නියෝජිතයින්, මධ්යම රජයේ වකුගඩු රෝග නිවාරණ ව්යාපෘතියේ වෛද්ය නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී විය.
END/GONP/MMP/14092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed