ඊශ්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගැනීමට ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කරයි!
ඊශ්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගැනීමට ජගත් මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 142 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව විදේස් මාධ්‍ය වාර්ථා කළේය. එහෙත්, ඇමරිකාව ඇතුළු රටවල් 10 ක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.
පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්රකාශනය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන ඇති අතර, එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 142 අතර ශ්‍රී ලංකාව ද සිටියි.
මෙම වැදගත් මුලපිරීම සඳහා නායකත්වය දැරූ සෞදි අරාබිය සහ ප්‍රංශය පැසසුමට ලක්වී ඇත.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්මවලට සහ එක්සත් ජාතීන්ගේ යෝජනාවන්ට අනුකූලවල රාජ්‍යත්වය සඳහා පලස්තීන ජනතාවට තිබෙන අහිමි කළ නොහැකි අයිතිය පිළිබඳව ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කරයි.
