ගරු බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාට සාදා සාමය – අවසන් කටයුතු හෙට!

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, ගරු බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූ බව කොළඹ පදවි ජනසන්නිවේදන කේන්ද්‍රය නිවේදනය කරයි.

කතෝලික සභාව සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අතර යහපත් බැඳියාව අගනා ලෙස පවත්වාගෙන ගිය පියතුමාණෝ, තමන් අනුගමනය කළ දිවැසිවර කාර්යය තුළ අවසන් සමය රෝගාතුරව වුවද සමාජය තුළ පැසසුමට සහ ඇගයුමට ලක් වෙමින් ගත කළ බව එම නිවේදනයේ සදහන් වෙයි.

එතුමාණෝ සිය සැදෑ කාලය කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ කතෝලික සභාවේ Evening Stars නමැති විශ්‍රාමික නිවහනේදී ගතකළ අතර එහිදී තම දිවි ගමන අවසන් කළහ.

ගරු පියතුමාගේ දේහය සැප්තැම්බර් 12 වන සිකුරාදා (අද) සවස 5.30 ට බොරැල්ල අගරදගුරු මැදුරේ, සේක්‍රඩ් හාර්ට් දේවස්ථානයට ගෙන එනු ලැබේ.

භූමදානය , සැප්තැම්බර් 13 වන සෙනසුරාදා පස්වරු 3.00 ට අගරදගුරු මැදුරේ දේවස්ථානයේදී සිදුුුුුකරනු  ලබන දේව මෙහෙයෙන් අනතුරුව,  බොරැල්ල පොදු සුසාන භූමියේදී  සිදුකෙරේ.

ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමාණන් සමාදානයේ සැතපේවා’යි මෝජෝ නිවුස් අපිදු ප්‍රාර්ථනා කරන්නෙමු!

END/MMP/12092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *