ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 2ක් රට රස්සාවට

2025 වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකිකයිිින්  ලක්ෂ 2කට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව පුද්ගලයින් 212,302 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යංශය පවසයි.

විදෙස් ගතවූ එම සමස්ත පිරිස අතරින් පිරිමි ශ්‍රමිකයින් 130,252 දෙනෙකු ද  කාන්තා ශ්‍රමිකයින්  82,050 දෙනෙකු ද රැකියා සඳහා විදේශ ගතවී ඇති බව සඳහන් කරන අතර, කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින්ගේ විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙන බව ද පෙන්වා දෙයි.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර එම සංඛ්‍යාව 53,159කි.

මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට එවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

2024 වසරේ මුල් මාස 8 තුල විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.28 ක් වන අතර, ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 19.30න් ඉහළ ගොස් තිබේ. එසේම 2025 වසරේ අගෝස්තු මාසය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 680.80 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇත.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව, 2025 වසර තුළදී , ඇමරිකානු ඩොලර් බිලියන 7 ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි   විශ්වාසය පළකරයි.

END/MMP/10092025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *