සිංහරාජය හරහා මාර්ග ඉදිකිරීමට ඉඩනොදෙන බවට පරිසර ඇමති සහතික වෙයි

පරිසරය සුරැකීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ සිංහරාජ වනාන්තරය තුළ මාර්ග ඉදිකිරීමට ඉඩ ලබානොදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

“පරිසරය සුරැකීමේ රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ යටතේ සිංහරාජ වනාන්තරය විනාශ වන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට රජය කටයුතු කරන්නේ නැහැ.”

සිංහරාජ ඉලුම කන්දේ සිට සූරියකන්ද දක්වා මාර්ගය පිළිසකර කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කර ඇති බව වාර්ත‌ා වෙි.

මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවකට ඉදිරිපත් වී ඇති අතර, ඒ අනුව එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට නිලධාරීන් පිරිසක් ගොස් ඇති බැවින් ඒ පිළිබඳව කතා බහක් නිර්මාණය වී ඇතැයි යනුවෙන්  එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

END/MMP/04092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *