ගංජා පානය කර මගී බස් රථයක් ධාවනය කළ රියදුරෙක් අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා

බේරුවල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අද (04) බේරුවල නගරයේ බස්රථ රියදුරන් සඳහා දැනුවත් කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබුණි.

එහිදී අලුත්ගම – කළුතර පෞද්ගලික බස් රථ රියදුරකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත එම රියදුරු පොලිස් භාරයට ගෙන පරීක්ෂා කර ඇත.

අදාළ රියදුරා කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ගංජා පානය කර ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව පොලිසීය සැකකාර  41 හැවිරිදි රියදුරාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

වෛද්‍ය වාර්තා අනුව තවදුරටත් තහවුරු වී ඇත්තේ ඔහු කාලයක් තිස්සේ ගංජා පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බේරුවල පොලීසිය යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *