ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේදී – හිරුණි ලක්ෂිකා

2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ.

මෙම වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් සුදුසුකම් ලබා සිටි අතර දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලබා සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313ක්.

ඒ අනුව සම්පූර්ණ අයදුම්කරුවන් 307,951ක් විභාගයට පෙනී සිටියා.

විභාග දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළේ මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් 20 වනදාට පෙර නිකුත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed