වාරි සම්පත් රැකගැනීමේ පියවරක ඇරඹුම!

ලංකාවේ වාරි සම්පත් රැකගැනීම, පරිසරය ආරක්ෂා කිරීම සහ අනාගත පරපුරට තිරසාර දායාදයක් ලබාදීම අරමුණු කරගනිමින් වැව් රක්ෂිත මැනීමේ වැඩපිළිවෙල හම්බන්තොටින් අරඹකර ඇතැයි වාර්තා වේ.

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන වැව් රක්ෂිත සීමා සලකුණු කිරීම සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය අගෝස්තු 30 වෙනි දා, හම්බන්තොට රිදියගම වැව කේන්ද්‍ර කරගෙන පැවැත්වූ අතර, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

Clean Sri Lanka ව්‍යාපෘතියේ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය සේවකයන් හා ගොවි ජනතාවද එක්ව වැඩසටහනට දායක වූ අතර, රිදියගම වැව ආරක්ෂා කරගෙන යාමට එක්වීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

ජාතික වශයෙන් වැව සංරක්ෂණය, පරිසර ආරක්ෂාව, සහ ගොවීන්ගේ ජීවිකාව තිරසාරව කරගෙන යාම සඳහා මෙම ව්‍යාපෘතියෙන් විශාල පියවරක් ගන්නා බව අදහස් දැක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙළඳගොඩ, හම්බන්තොට දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන්, ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා විය.

ඡායාරූපය : DNLnews

END/MMP/01092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed