වස විෂ නැති හෙළ රසය විඳිමු!
ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර ආසනයේ ඇල්දෙණිය නැගෙනහිර ප්‍රදේශයේ කාන්තා සභාවේ ව්‍යවසායක කාන්තාවන් එක්ව “හෙළ රසය” නමින් නව නිෂ්පාදන කිහිපයක්ද සමඟ කුළුබඩු ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇති බව ආරංචි රාළ වාර්තා කළේය.
කෘතීම සහ ක්ෂණීක ආහාරවලට පුරුදුව, එම ආහාර අනුභවයෙන් හෙම්බත්ව සිටින මෙරට ජනතාවට සැබෑ ශ්‍රී ලාංකීය ආහාර රසය විදින්නට පමණක් නොව පෝෂ්‍ය දායක ආහාර වේලක් භුක්ති විඳින්නට උනන්දු කළ යුතු යැයි පවසන ආරංචි රාළ , ඒ සදහා “හෙළ රසය” නිෂ්පාදන, සාධාරණ මිලක් යටතේ සුවිශේෂනීය රසයක් ලබාදෙමින් වස විෂ නැති ආහාර භුක්තිවිදින්නට රිසි අයවෙත සහය වන බව මෝජෝ පුවත් වෙත පැවසීය.

මේ “හෙළ රසය” නිෂ්පාදන වල රසය මම විඳලා තියෙන්නේ. භය නැතිව කියනවා, කිසිම දෙගිඩියාවකින් තොරව කාටත් මේ “හෙළ රසය” නිෂ්පාදන පාරිභෝජනය කරන්න ආරාධනා කරනවා” යැයි ආරංචි රාළ වැඩිදුරටත් කීවේය.
Pictures – supplied
END/MMP/01092025
