වෙන්නප්පුවේ වෙඩි තැබීම මල්ලි මරපු පලිය ගත්තා සැකකරු කියයි – විනාඩි තිහෙන් පොලිසිය සියල්ල හෙළි කර ගනී ..ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වෙන්නප්පුව චාල්ස් විලියම් මාවතේ අද 31 පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ ..ඒ වෙන්නප්පුව පොලිසියට පැමිණ ආපසු නිවෙස් වෙත යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු

ඉලක්ක කර ගනිමින් . වෙඩි තැබීමට පෙර මේ දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර එහිදී එක පුද්ගලටෙකු පලා යාමට සමත්ව තිබේ .

වෙන්නප්පුව සිරිගම්පොල කොලනියේ පදිංචි ධනුෂ්ක උදයශාන් නමැති පුද්ගලයෙක් සිදුවීම වූ ස්ථානයේම මිය යන ලදී .

මේ සිදුවීමත් සමග වහා ක්‍රියාත්මක වූ වෙන්නප්පුව පොලිසිය මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය . ඒ සමග මේ ඝාතනය සදහා යොදා ගත්

බවට සැකකරන ගිනි අවිය හා පැමිණි මෝටර් රථයද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විණි.

මේ දෙදෙනා අද 31 පෙරවරුවේ වෙන්නප්පුව පොලිසියට පැමිණ ඇත්තේ මිනීමැරුම් නඩුවකට අදාලව පොලිස් පොතේ අත්සන් කිරීමටයි . අත්සන් කිරීමෙන් අනතුරුව

දෙදෙනා යතුරු පැදියක නැග නිවෙස් වෙත යමින් සිටියදී මෝටර් රථයෙන් පැමිණි තිදෙනෙකු විසින් යතුරුපැදිය අනතුරට ලක්කර පසුව තියුණු ආයුධයකින් දෙදෙනාට

පහර දී තිබේ . ..මෙහිදී එක් අයෙකු පලා යාමට සමත්වන අතර ඔහු නැවතී ඇත්තේ වෙන්නප්පුව පොලිසියෙයි

මේ සමග වහා ක්‍රියාත්මක වන වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් වෙන්නප්පුව ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකලා ..ඒ අතර තුර ප්‍රධාන සැකකරු අතදනගුවට

පත්වන අතර ඝාතනය සදහා යොදාගත් ගිනිඅවිය හා මෝටර් රථයද පොලිස් භාරයට ගැනීමට පොලිසිය සමත් වී ඇත .

මේ ගිනි අවිය හලාවත ප්‍රදේශයේ නිවසකින් ගත් ගිනි අවියක් බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ .

මේ ඝාතනය ට ප්‍රධාන හේතුව අත්අඩංගුවට පත් සැකකරුගේ සහදරයෙකු මිට පෙර තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම බව සැකකරු ප්‍රකාශ කර තිබේ .

අත්අඩංගුවට පත් සැකකරු වෙන්නප්පුව එකමුතු මාවතේ පදිංචිකරුවෙක් ..මේ ඝාතනය ට සම්බන්ධවූ අනෙක් දෙදෙනා කොළඹ දෙසට ගමන් කල බස් රථයක නැග

පලා ගිය බව අත්අඩංගුවට පත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ .

මේ සිදුවීමෙන් දිවි බේරා ගත් පුද්ගලයා මාරවිල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබේ . අද 31 පස්වරුවේ ඔහුට

සැත්කමක් කර ඇත .

හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ නියෝග පරිදි වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී සි. ඒ. පුල්වංශ මහතාගේ උපදෙස් පරිදි

වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලින හෙට්ටිආරච්චි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ

සිදු කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *