පොලිස් නිලධාරියෙකු යටකළ වෑන් රථයක් අත්අඩංගුවට – බදුල්ල ප්‍රේමලාල් රත්නායක

පොලිස් නිලධාරියෙකු යටකළ වෑන් රථයක් අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය ඊයේ රාත්‍රියේ පියවර ගෙන ඇත . වැලිමඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ

ආසන්නයේ මේ අනතුර සිදු කර ඇති අතර පසුව මේ වැන් රථය අසල පිහිටි ත්‍රිරෝද රථ නැවතුම් පොල්කටද කඩා වැදී තිබේ .

මෙම අනතුරින් ඌව පරණගම –අඔගස්දෝව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිළධාරියෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල අතර තවත්

පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇත . නවතා තිබූ ත්‍රි-රෝද රථ වලට ද දැඩි අලාභ හානි සිදුව තිබේ

වැන් රථය හා රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අද ( 31 ) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *