එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත Kunle Adeniyi මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක්!

මෙරට නිල සේවා කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත Kunle Adeniyi මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්.

මෙම හමුවේදී Adeniyi මහතා සිය නිල සේවා කාලය තුළ UNFPA වෙත ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය අගය කළේය. ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරිය දැක්වූ නායකත්වය පිළිබඳව ඔහු විශේෂයෙන් සිය ස්තූතිය පළ කළ අතර, අරමුදලේ මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ හවුල්කරුවන් දැක්වූ වෘත්තීයභාවය සහ කැපවීම ද අගය කළේය. ශ්‍රී ලංකාව සමඟ UNFPA හි දිගුකාලීන සම්බන්ධතාවය අගය කළ අග්‍රාමාත්‍යවරිය, Adeniyi මහතාගේ නායකත්වය යටතේ සිදු කළ දායකත්වය අගය කළාය.

මෙම හමුවට දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ. UNFPA නියෝජිත පිරිසට සහකාර නියෝජිත ආචාර්ය දයානාත් රණතුංග මහතා සහ කාර්යාල ප්‍රධානී Phuntsho Wangyel මහතා ද, ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද ඇතුළත් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

END/PMMD/MMP/31082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed