රාජිත, රතන හිමි, ශෂින්ද්‍ර සහ ලන්සා : හිටපු දේශපාලනඥයින් සිව් දෙනෙකුට අධිකරණය අද ලබා දුන් තීන්දුජිත, රතන හිමි, ශෂින්ද්‍ර සහ ලන්සා : හිටපු දේශපාලනඥයින් සිව් දෙනෙකුට අධිකරණය අද ලබා දුන් තීන්දු
පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු දේශපාලඥයින් සිව් දෙනෙකු සම්බන්ධයෙන් වූ නඩුකර හතරක් අද (අගෝස්තු මස 29) දිනයේදී අධිකරණයේදී විභාගයට ලක් කෙරිණි.
ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් වන නඩුකර හතරක් මෙලෙස අධිකරණය හමුවේ විභාගයට ගන්නා ලදී.
1. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න සැප්තැම්බර් 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ය.
අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.
මෙම පුවත සම්පූර්ණයෙන් කියවීම සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න –
Copied: https://www.bbc.com/sinhala/articles/c80dzvdr0j1o
