යාපනයේ එකම වේලාවක විවාහ වූ ජෝඩු 108 ක්!

යාපනය දිස්ත්‍රික්කයේ විවාහ වීමට සූදානම් වෙමින් සිටි ජෝඩු 108 ක් පසුගිය බ්‍රහස්පතින්දා, (28) එකම නැකතකදී යාපනයේ සෙල්ව සන්නිති මුරුගන් කෝවිලේදී විවාහ විය.

අඩු ආදායම්ලාභී පවුල්වල මෙම ජෝඩු, සම්ප්‍රදායික හින්දු චාරිත්‍රයට අනුව තම විවාහය සනිටුහන් කරමින් ‘තල්ල’ ගැටගැසීමේ චාරිත්‍රයට සහභාගී වූහ.

මෙම උත්සවයේදී යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ක ජෝඩු එක් වූ අතර, ඔවුන් සියල්ලන්ම එකම කෝවිලක හින්දු චාරිත්‍ර අනුගමනය කළහ.

            

END/Adaderana/MMP/30082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *