පොතුවිල් බස් අනතුරකින් අයෙකු ජීවිතක්ෂයට; 57කට තුවාල – හිරුණි ලක්ෂිකා
පොතුවිල් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.
තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙම බස් රථය කෝමාරි ප්‍රදේශයේදී බෝක්කුවක් අසලින් පහළට වැටී තිබෙනවා.
අදාළ බස් රථය ආරුගම්බේ ප්‍රදේශයට විනෝද චාරිකාවක ගිය එකක් බවයි පොලිසිය පවසන්නේ.
