මධ්‍යම පළාත්  ආණ්ඩුකාරවරයා සහ යුනිසෙෆ් ආයතනයේ ළමා රැකවරණ සභාපතිනිය අතර හමුවක් මහනුවරදී. – මොහොමඩ් ආසික්

යුනිසෙෆ් ආයතනයේ ළමා රැකවරණ සභාපතිනිය වන ටියෝනා ඇෂ්ලනිෂ්විල් (Teona Aslanishvili) මහත්මිය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර  මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා අතර හමුවක් පසුගියදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණ.
මෙහිදී යුනිසෙෆ් ආයතනය මගින් ඉටුකරනු ලබන සේවාවන් පිළිබඳවත්, විශේෂයෙන්ම ළමා රැකවරණය හා ආරක්ෂාව වෙනුවෙන් රට තුළ    ක්‍රියාත්හමක  වැඩසටහන්න් පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී. ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කිරීමට නියමිත “ළමා හිතකාමී සේවා සැපයුම් හා රැකවරණ මධ්‍යස්ථාන    Child Friendly continuum services center) ඉදිකිරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා විය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය     පදනම් කර ගනිමින් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක   කිිිරීම එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරමට නියමිත බවත් ඒ සඳහා වන ක්‍රියාවලිය     ළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කරන ලදී. එසේම මෙම ළමා හිතකාමී සේවා සැපයුම මධ්යස්ථානය අංග සම්පූර්ණව ලෝක ප්රවණතා මට්ටමින් ඉදිකරමින් දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් නියමු ව්යාපෘතියක් ලෙස ශ්රී ලංකාවේ ස්ථාපිත කිරීමටද කටයුතු යොදා ඇති බව මෙහිදී කරුණු අනාවරණය විය.
විශේෂයෙන්ම මහනුවර දිස්ත්රික්කය තුළ ළමා රැකවරණය හා ආරක්ෂාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්රියාත්මක බවත්, මධ්යම පළාත පාදක කර ගනිමින් මෙම කටයුතු තවදුරටත් පුළුල් කරමින් නව යාන්ත්රණයක් සියළු සේවා සපයන ආයතන ඒකාබද්ධ කර ගනිමින් දරුවන් හට වඩා සුරක්ෂිත අනාගතයක් උදා කිරීමට අවශ්ය සහාය නිරන්තරයෙන් ලබා දෙන බව ද මෙහිදී ම නියෝජිතවරිය පැවසීය.
මෙම අවස්ථාවට යුනිසෙෆ් ආයතනයේ නියෝජිත පිරිසක් හා මධ්යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුුහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *