සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ 34 වන අනුනායකධූරයට පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නාහිමියෝ – නදීක දයා බණ්ඩාර – මහනුවර
සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ 34 වන අනුනායකධූරය සඳහා එම පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවි හෙබවූ පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නාහිමියෝ ඒකච්ඡන්ද යෙන් පත්වූහ.
ඒ මහ මහා විහාරීය කාරක සංඝසභාවේ සහභාගීත්වයෙන් අස්ගිරි මහ විහාරීය මංගල උපෝෂථාගාරයේදි පැවැති පත්කර ගැනීමේ අවස්ථාවේදීය.
හිටපු අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් අපවත් වීමෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවි දෙකෙන් එකක් පුරප්පාඩු වූ අතර ඒ සඳහා සුදුසු හිමිනමක තෝරා පත් කර ගැනීමේදී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන් පත්වූහ.
අස්ගිරි පාර්ශවයේ එක් අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක ලෙස පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ කටයුතු කරති.
අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි ප්රමුඛ කාරක සංඝ සභාව සමනච්ඡන්දයෙන් ආනන්ද නාහිමියන් අභිනව අනුනායක ධුරයට තෝරාගත් අතර ඊට ස්තූතිය පළ කරන බව ආනන්ද හිමියෝ පැවසූහ.
