චෙම්මනි 5 වන අදියර – හමුවූ මිනිස් සිරුරු ගණන 166ක් දක්වා ඉහළට!

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කෙරෙන පස්වන අදියරේ කැණීම්වලින් තවත් මිනිස් සිරුරු 16කට අයත් අස්ථි කොටස් මතු කර ගෙන ඇති අතර, මේ දක්වා කැණීම්වලින් මිනිස් සිරුරු 166ක් දක්වා සංඛ්‍යාවක් සොයාගෙන  ඇති බව වාර්තා වෙයි.

පස්වන අදියරේ කැණීම් කටයුතු අගෝස්තු 25 වන දා යළි ආරම්භ වූ අතර, සැප්තැම්බර් 7 වන දා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් නිළධාරීන් පැවසූහ.

මේ දක්වා මිනිස් සිරුරු 166කට අයත් අස්ථි කොටස් මතු කර ගෙන ඇති අතර මිනිස් සිරුරු 150කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව කැණීම් නිලධාරිහු සඳහන් කළහ.

END/MMP/28082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *