එක්සත් ජනපද කොංග්රස් මණ්ඩලයේ නියෝජිත පිරිස අගමැතිනිය හමුවෙයි!
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජනපද කොංග්රස් මණ්ඩල ප්රජාතන්ත්රවාදී සහයෝගිතා (HDP) මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර හමුවක් 2025 අගෝස්තු 27 අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට සහභාගි වූ HDP නියෝජිතයින් විසින් පාර්ලිමේන්තුව සමඟ ගෙන යන අධීක්ෂණ ක්‍රියාවලිය, පුරවැසි සහභාගීත්වය සහ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ සහභාගිත්වය පිළිබඳ පෙන්වා දුන් අත, මෙම සාකච්ඡාවේ දී පාර්ලිමේන්තුවේ සහ ජාතික නායකත්වයේ කාන්තා සහභාගීත්වය සහ ශ්‍රම බලකායේ කාන්තාවන් මුහුණ දෙන අභියෝග කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Julie Chung, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී සහයෝගිතා (HDP) විධායක අධ්යක්ෂ Derek Luyten, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් සාගරිකා බොගහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
