ගලමුදුන ගම්මානයේ මාර්ගයේ ඉදිකිරීම් වසරකට අත් හිටුවයි. – මොහොමඩ්  ආසික් 

මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ගම්මානය වන ගලමුදුන ගම්මානය සඳහා රුපියල් මිලියන 208  ක වියදමින් ඉදිකිරීමට  යෝජනා කර  තිබූ කිලෝමීටර්  පහකින් යුත් මාර්ගය වසරක කාලයක් සඳහා තාවකාලිකව අත් හිටුවීමට  මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම් .බස්නායක මහතා  මෙම කමිටුවේදි පෙන්වා දුන්නේ ගලමුදුන ගම්මානයේම සිටින්නේ පවුල් 36 ක් පමණක් බවත්  ඔවුන් වෙනුවෙන් මාර්ගයත් ඉදිකරනවාට වඩා ඔවුන්  මාර්ගය ආසන්නයේ පදිංචි කරවීම ඉතා සුදුසු බවයි .
පසු ගිය දිනෙක තමන් එම ගම්මානයට ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් මාර්ගයක්   ආසන්නයේ  පදිංචියට  කැමැති වූ බවයි .ඔවුන් මේ වන විට සිය කැමැත්ත ප්‍රකාශ කර ලිපි ලබා දී ඇති බවත්   මන්ත්‍රී වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික්  ලේකම් ඉන්දික උඩවත්ත මහතා පෙන්වා දුන්නේ මෙම යෝජනාව මින් පෙරද ඉදිරිපත් වු නමුත් පදිංචි කරුවන්ගේ අකමැත්ත කිසා කරගත නොහැකි වූබවයි.
කෙසේ වුවත් මේ වන ව්ට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර ඇත්නම් එම යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බවයි.
දිස්ත්‍රික් සම්බන්කරණ  කමිටු සභාපති කෘෂිකර්ම වාරි මාර්ග ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය තේ.ඩී.ලාල්කාන්ත මහතා සභාව වෙත යෝජනා කළේ   මෙම  ගම්මානය සඳහා   යෝජනා වී ඇති මාර්ගයේ ඉදිකිරීම් වසරක්  සඳහා තාවකාලිකව   අත් හිටුවා  පහළ ප්‍රදේශයක එම පවුල් 36 පදිංචි කරවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමටයි.
ඒ අනුව එම යයෝජනාවට සභාව එකඟ වීමත් සමඟ   ගලමුදුන ගම්මානය සඳහා ඉදිකිරීමට  යෝජිත මාර්ගය වසරක කාලයකට තාවකාලිකව අත් හිටුවීමට තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *