කෝට්ටේ රජමහා විහාරයේ විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍යවරිය සහභාගි වෙයි
කෝට්ටේ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ දළදා මාලිගය විවෘත කිරීමේ සුභ මංගල්‍ය පැවති අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවා.
ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ නායක මාහිමිපාණන් වහන්සේ විසින් සමරු ශිලාලේඛනය නිරාවරණය කිරීමෙන් අනතුරුව, අභිනව ධාතුමන්දීරයේ මල් පූජා කර වැඳපුදාගත් අග්‍රාමාත්‍යතුමිය, එම මන්දිරයේ පහත මාලයේ ස්ථාපිත කර තිබෙන නව විහාරස්ථ කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ද එක්වූවාය.
මෙම අවස්ථාවට ඇමෙරිකාවේ ලෝස් ඇන්ජලීස් ලංකාරාමය ඉන්ඩියානා බෞද්ධ විහාරය ඔහායෝ මෛත්‍රී භාවනා මධ්‍යස්ථානයන්හි විහාරාධිපති ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර හා මධ්‍යම ප්රාන්තයන්හි ප්‍රධාන සංඝනායක මංගල ධර්ම කීර්ති ශ්‍රී ධර්ම දූත සේවා භුෂණ තලංගම දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නය, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අරූෂ අතපත්තු ඇතුළු දේශපාලන අධිකාරිය ද, බැතිමතුන් විශාල පිරිසක්ද සම්බන්ධ වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
