ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන අතර සාකච්ඡා සඳහා පහසුකම් සපයන අතර, විශේෂයෙන් MSME අංශයට සහාය වීමේ අරමුණින් යුතුව, 2025 ජුනි මාසයේදී ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනයේ (FIEO) සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) නියෝජිතයින් අතර එවැනි සාකච්ඡාවකට පහසුකම් සපයන ලදී.

2025 අගෝස්තු 19 වන දින, එනම් ඊය‌ේ, ඉන්දිදියානු අපනයන සංවිධාන සම්මේලනය (FIEO) සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) තොරතුරු බෙදාගැනීම, ආයෝජන සහ වෙළඳාම සඳහා හවුල්කරුවන් සම්බන්ධ කිරීම ඇතුළු සහයෝගීතාව සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ඉන්දියානූ මහා කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින්ම  ප්‍රකාශ කරයි.

FIEO හි අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අජේ සහයිගේ නායකත්වයෙන් යුත් FIEO නියෝජිතයින් සහ NCE හි සභාපති ඉන්ද්‍ර කෞෂාල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් NCE නියෝජිතයින් මෙම අතථ්‍ය අත්සන් කිරීමේ උත්සවයට සහභාගී වූහ. කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් ද අතථ්‍ය අත්සන් කිරීමේ උත්සවයට සහභාගී වූහ.

END/HCoI/MMP/20082025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed