“ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි කරලා තියෙනවා” – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

“ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යයි”
අගෝස්තු 19 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති, තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කර තිබූ විශේෂ හමුව සහ විවෘත සාකච්ඡාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළා ය.
අගෝස්තු 12 වැනිදාට යෙදුනු, ජාත්‍යන්තර තරුණ දිනය මුල් කරගනිමින් මෙම හමුව සංවිධානය කර තිබුණි.
තරුණ සම්මේලනයේ නව සාමාජිකයින් හට සුබ පැතූ අග්‍රාමාත්‍යතුමිය,
“පසුගිය කාලය පුරාම තරුණ සම්මේලනයේ කාන්තා නියෝජනය බොහෝම අඩුවෙන් තිබුණේ. මේ වසරේ ඒක වෙනස්වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇති වුණු එම වෙනස දැන් හැම ක්ෂේත්‍රයකම ඇතිවෙමින් තියෙනවා. ඒ අනුව, ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි වෙලා තියෙනවා.
තාරුණ්‍ය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමේදී ගොඩක් අසන්නට ලැබෙන්නේ තරුණ ප්‍රචණ්ඩත්වය, තරුණ අසහනය සහ තරුණ මරණ පිළිබඳවයි.
ඒත් දැන් එම තත්ත්වයෙන් වෙනස් වුණ, තාරුණ්‍ය ගැන ලංකාවට අලුත් කතාවක් අවශ්‍යයි. ඒ සඳහා ඔබට මේ ලැබිලා තියෙන්නෙ සුවිශේෂී අවස්ථාවක් වගේම වගකීමක්” යැයි ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
මෙහිදී තාරුණ සම්මේලනයේ නියෝජිතයින් 52 දෙනා වෙත සමරු තිළිණ පිරි නැමීම ද සිදු විය.
මෙම අවස්ථාවට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න , නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, තරුණ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, තාරුණ්‍ය සඳහා වන සංසදය අධ්‍යක්ෂ ජනරල්, නීතීඥ සුපුන් විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහ තාරුණ සම්මෙල්නයෙහි සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
END/PMMD/MMP/20082025