ගොවිින් සදහා පොහොර සහනාධාර ලබා දීම ඩිජිටල් ක්‍රමය ඔස්සේ

රජය මගින් ගොවිජනතාවට ලබාදෙන පොහොර සහනාධාරය කාර්යක්ෂමව ලබා දීම සදහා QR කේතයක් හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමට මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම විෂය භාර අමාත්‍යාංශය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනා ගැනීමටත්, එසේ සුදුසුකම් ලබන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබා දීම සඳහා QR ක්‍රම වේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමටත් යෝජනා වී ඇත.
රජය මගින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේදී අදාල ගොවීන් වෙත එම සහනාධාර ලැබෙන බව හා එම මූල්‍යාධාර ඔවුන් විසින් ගොවිතැන් කටයුතු සදහා සම්පූර්ණ වශයෙන් යොදාගන්නා බව තහවුරු කිරීම සඳහා සහ පසු විපරම් කාර්යය පහසු කිරීම සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට බලාපොරොත්තු වේ.
END/MMP/19082025