කොරියානු මිත්‍රත්ව පදනමින් කොබෝව ප්‍රාථමික විද්‍යාලයට සහ කොස්ගොල්ල විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍ර ප්‍රධානයක්

කොරියානු මිත්‍රත්ව පදනමේ මූල්‍ය පරිත්‍යාග මත කොබෝව ප්‍රාථමික විද්‍යාලයට සහ කොස්ගොල්ල විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍ර ප්‍රධානය කිරීමක් පසුගිය දින එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සොරණාතොට කොට්ඨාසයේ ළමුන්ගේ පිරිසිදු පානීය ජල ගැටළුවට විසඳුම් ලබා දීමේ තෙවන අවස්තාව මෙය වන අතර මීට පෙර සොරණාතොට ප්‍රාථමික විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍ර ලබාදීම සිදුකරන ලදී. මෙම යන්ත්‍ර සඳහා එක් විද්‍යාලයකට වියදම රුපියල් අසූ නමදහසක්(89000.00)ක මුදලක් වැය වේ. තව දුරටත් කොරියානු මිත්‍රත්ව පදනම මගින් ළමුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම අවස්ථාවට වියළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එන්. හෙට්ටිආරච්චි, කොරියානු මිත්‍රත්ව පදනමේ ලී මහතා හා එස්.කෝබිනාත් මහතා, විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ රජයේ නිලධාරි පිරිසක් සහභාගි විය.