කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින්ට සහනදායී ණය යෝජනා ක්‍රමයක්

කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සඳහා කෘෂිකර්මා අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
වසර 05 ක කාලයක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයින් 50,000 ක් නිර්මාණය කිරිම රජයේ අරමුණ වේ. 2025 අයවැය යෝජනාවට අනුව කෘෂිකර්ම හා කර්මාන්ත අංශයේ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 500 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ආයෝජන දිරිමත් කිරීම සදහා සහනදායී මූල්‍ය පහසුකම් නොමැති වීම, කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයින් ගොඩ නැගීමට බාධාවක් ලෙස හඳුනාගෙන තිබේ
එම තත්ත්වය තරුණ ව්‍යවසායකයින්ගේ ආකර්ෂණය අඩු වීම, වගා නොකළ ඉඩම් ප්‍රමාණය ඉහළ යාම සහ ආහාර නිශ්පාදනය පහළ යාමට හේතු වී තිබේ. මෙම ව්‍යාපෘතිය වසර 05 ක කාලයක් ක්‍රියාත්මක වන අතර එක් ප්‍රතිලාභියෙකුට උපරිම ණය පහසුකම රුපියල් මිලියන 5 ක් ලබා දීමට යෝජනා කෙරේ. සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභින්ගෙන් අය කළ යුතු පොළිය, හිග ණය මුදලින් වාර්ෂික ව 4% ක අගයකි. සහනදායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව , මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග එක් ව මෙම යෝජනාව ක්‍රියාත්මක කෙරේ.