ඇඟිලි සළකුණට සහ අතිකාල ගෙවීම්වලට එකඟ නම් සාකච්ඡා සඳහා සූදානම් – ඇමති නලින්ද

ඇඟිලි සළකුණු තැබීම සහ දැනට ලබා දෙන අතිකාල ගෙවීම්වලට එකඟ වන්නේ නම් පමණක් තැපැල් දෙපාර්තමේන්තුවේ වර්ජකයන් සමග ඉදිරි සාාකච්ඡා සඳහා රජය සූදානම් බව කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක . සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එසේම ඇඟිලි සළකුණු තැබීමට අකමැති සේවකයන්ට වෙනත් රැකියා ස්ථානයක් සොයාගන්නා ලෙසත් දැනට ගෙවනු ලබන අතිකාල දිමනා කිසිලෙසකින් වැඩි නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
අතිකාල දීමනා ගණනය කරනු ලබන්නේ 2027 වර්ෂයේ ජනවාරි මාසයට නියමිත මූලික වැටුප් පරිමාණයට අදාළව බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට අදාළ ගෙවීම් ¾ කට සහ 5/6කට අදාළව අප්‍රේල් මස සිට සිදු කෙරෙන බවද පෙන්වා දුන්නේය.
කෙසේවුවද මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් බිඳවැටීමක් දක්නට ඇති බව පැවසූ අමාත්‍යවරයා උප තැපැල් කාර්යාල රැසක් නියමිත පරිදි කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම වර්ජනයේ නිරත වන සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ඉදිරයේදී තීරණයක් ගන්නා බවත් පෙන්වා දුන්නේය.
මේ වනවිට ලිපි සහ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතුවල ප්‍රමාදයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.