ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය යළිත් එළැඹෙන මස සිට

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි එළැඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වන විට දැනුවත් කරමින් පවතින බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි පැවසීය.
ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීය වන අවස්ථාව වන විට ධීවරයින් 60,000කට ආසන්න ප්‍රමාණයක් එමගින් ප්රතිලාභ ලබා ගනිමින් සිටි බව සභාපතිවරයා පැවසුවේය.
ඒ අනුව යළිත් මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේදි එම ප්‍රමාණයට වඩා වැඩි ධීවරයින් පිරිසකට මෙමගින් ප්රතිලාභ ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහාතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.