කෙටි නාට්‍යක් වශයෙන් ඊඩීපස් ප්‍රති නිර්මාණය කෙරේ. නදීක දයා බණ්ඩාර

අධ්‍යාපනික පොදු සහතික පත්‍ර විභාගයට නිර්දේශිත ඊඩිපස් රජ නාට්‍ය කෙටි චිත්‍ර පඨයක් වශයෙන් ප්‍රතිනිර්මාණය කොට එළිදැක්වීම මහනුවර මහමායා බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ඉකුත්දා සිදුවිය.

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය සදහා නාට්‍ය 05ක් ඇතුලත් වන අතර ඒ අතරින් “ඊඩිපස් රජ” (The Unseen Truth) මෙලෙසින් කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කොට තිබේ.

එම උත්සවය  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රපට අධ්‍යක්ෂ , සිනමාවේදී ජගත් මනුවර්ණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මහනුවර අධ්‍යාපන කලාපයේ නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන් හා සිසුන්ගේ දායකත්වයෙන් මෙම නාට්‍ය නිර්මාණය කොට ඇති අතර මෙම නිර්මාණය සදහා සිලිකන් ක්‍රිබ් ආයතනය මගින් ක්‍රියාත්මක itvlk ඔස්සේ මෙය විකාශනය කිරීමට නියමිතය.

කෙටි චිත්‍ර පඨය එළිදැක්වීමේ  අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි ,  මහත්ම මහත්මීන් , විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *