අගෝස්තු මාසයේ දී සංචාරකයින් බහුලව!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත වලට අනුව, අගෝස්තු මාසයේ මේ දක්වා සංචාරකයින් 99,406 ක් මෙරටට පැමිණ ඇත.
SLTDA විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 19,572 ක් පැමිණ ඇති අතර එය 19.7% කි. තවද, අගෝස්තු මාසයේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 10,970 ක්, ඉතාලියෙන් 7,641 ක්, ප්‍රංශයෙන් 6,870 ක් සහ චීන ජාතිකයින් 6,762 ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ අතර, අගෝස්තු මාසයේ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ 2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,467,694 දක්වා ඉහළ ගොස් තිබේ.
ඔවුන් අතර, ඉන්දියාවෙන් පුද්ගලයින් 268,694 ක්, එක්සත් රාජධානියෙන් 142,347 ක් සහ රුසියාවෙන් 117,322 ක් සිටින බව SLTDA සඳහන් කළේය.