කාන්තාවන් සහ ළමයින් ගැන කතා කරන්න කාන්තා සහ ළමා අනුකමිටුවක්

සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට අනුබද්ධව “කාන්තා සහ ළමා අනුකමිටුව”ක් පිහිටුවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සියලුම දිස්ත්‍රික් දැනුවත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කාන්තා සහ ළමා අනුකමිටුව කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, කාන්තා කාර්යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය, පළාත් පරිවාස දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කළුතර, මතුගම සහ හොරණ කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාශ හා පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය යන ආයතන නියෝජනය කරනු ලබන නිලධාරීන් ද මේ සඳහා සහභාගී වී ඇත.
ළමා හා කාන්තා ඒකක ළමා මිතුරු ඒකක ලෙස දැනට පවත්නා ඒකක සංවර්ධනය කිරීම සහ පහසුකම් ලබා දීම, දිස්ත්‍රික්කයේ පාසල් නොයන ළමුන් පාසල් ගත කිරීමේ වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සංචිත අරමුදලක් ඇති කිරීම ආදී යෝජනා පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.
එමෙන්ම දරුවන්ට සහ කාන්තාවන්ට මතුවන ගැටලුවලදී පවත්නා නෛතික බාධාවන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම,පෙර පාසල් ගුරුවරියන් සදහා වාර්ෂික අනිවාර්ය අවම පුහුණු තුනක්වත් සංවිධානය කිරීම, වයස අවුරුදු 0-3 දක්වා දරුවන්ගේ මුල් අමා විය සංවර්ධනය සඳහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා පිළිබඳව සාකච්ඡා කර ඇත.
දිස්ත්‍රික්කයේ දරුවන් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ සහ අපයෝජන, අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය සහ ඇබ්බැහිය, ළමා මව්වරුන් සම්බන්ධ සමාජ ගැටළුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
දිස්ත්‍රික්කයට මෙපමණ කලක් අඩුපාඩුවක්ව පැවති රජයේ නියාමනය සහිත කාන්තා සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානයක්, කාන්තා ව්‍යවසායකයන් අරමුණු කරගත් අලෙවි පොලක් හා බොජුන් හලක් දිස්ත්‍රික්කය තුළ කලාප මට්ටමින් ස්ථාපිත කිරීම ඉදිරි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට ද මෙහිදී තීරණය විය.
Copied: https://sinhala.adaderana.lk/news/213468