“කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන්න” – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

උතුරේ හමුදා කදවුරකට ඇතුලුවීමට ගොස් පුද්ගලයෙකු මිය යෑමට එරෙහිව හෙට (අගෝ 18දා) දිනයේ දී පැවැත්වීමට යන හර්තාලය පිළිබදව රජයේ මතය ඉදිරිපත් කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ , “මේ ගැන පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. දැනටමත් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දී තිබෙනවා. ඒ නිසා රටේ ජනතාව කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන්න අවශ්‍යයි.”
මේ සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් හදන්න උත්සාහ දරන බවක් පේනවා යැයි ද ඔහු කීවේය.
තවදුරටත්ජ, රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මුලතිව් ශිවනගර්හි පිහිටි ඉවත්කිරීමට නියමිත 12 වැනි සිංහ රෙජිමේන්තුවට අයත් කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම හර්තාල් ව්‍යපාරය හෙට (18) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
උතුරෙන් ලැබෙන තවත් තොරතුරු සදහන් කළේ බලහත්කාරයෙන් ඇතුලු වූවා නොව එහි ඇති අඹිලි දැ එකතු කිරීම සදහා නිළධාරීන්ගේ දැනුවත් භාවය තුළ හමුදා කදවුරට ඇතුලු වූ බවයි.