අපරාධ නැවැත්වීමට පොලීසියෙන් විධිමත් වැඩපිළිවෙළක්

“වෙඩි තැබීම් ගත්තොත් ඒ සම්බන්ධව අපි විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම අපි මීට වඩා විදිමත් වැඩපිළිවෙළක් ඉදිරියට කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ආයතන විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගෙන, මහජනතාවගේ සහාය ලබාගෙන සැලසුමකින් කරන්න වැඩපිළිවෙළක් තියෙනවා.” යැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (17) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී පොලිස්පතිවරයා පැවසුවේ මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවය.
එමෙන්ම ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන ආශිර්වාද මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.
“මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ඇතිවූවක් නෙමේ, ඒ වගේම පාතාල ජීවිත හානි කිරීම් අද ඊයේ ඇතිවූවක් නෙමෙයි. යම් යම් දේශපාලන ආශිර්වාද ලැබිලා තිබුණා, පොලීසියේ සහ නිලධාරීන්ගේ සහාය ලැබිලා තිබුණා, ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයින් ඒ සඳහා පාවිච්චි කරලා තිබුණා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේකට පාවිච්චි කරලා තිබුණා. ඉතිං මේවාවල මෙහෙයුම් කරන්නේ නිවට නියාලු පිරිසක් විදේශගතවෙලා. මේවාට අපි ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධවෙලා වැඩකටයුතු කරමින් පවතිනවා.”
එමෙන්ම ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන ආශිර්වාද මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.
END/MMP/17082025