මොණරාගලදී බස් රථ දෙකක් ගැටී අයෙකු ජීවිතක්ෂයට; 22ක් රෝහලට – හිරුණි ලක්ෂිකා

අද (16) උදෑසන කාලයේ මොණරාගල පොලිස් වසමේ පොතුවිල් වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 255 කිලෝමීටර් කණුව ආසන්නයේදී දඹගල්ල දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වන්දනා චාරිකාවක් යමින් සිටි පුද්ගලික බස් රථයක ගැටී තිබෙනවා.
අනතුරින් ලංගම බස් රථයේ රියදුරු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 32ක් වූ රුවල්වෙල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 22 දෙනෙකු පමණ තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මොණරාගල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.