පොලිස්පතිගේ නව වට්සැප් අංකයට පැමිණිලි 2000ක් – හිරුණි ලක්ෂිකා

ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ ක්ෂණිකව දැනුම් දීම සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් නව වට්ස්ඇප් අංකයට මේ වන විට පැමිණිලි 2000කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ, මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
071 859 88 88 යන වට්ස්ඇප් අංකය පසුගිය 13 වනදා හදුන්වාදෙනු ලැබුවේ පොලිස්පතිවරයා වෙත සෘජුවම කෙටි පණිවුඩ, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමුකිරීම සදහායි.