චීන රජයෙන් ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව – හිරුණි ලක්ෂිකා

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා චීන රජය මඟින් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30දෙනෙකු සඳහා පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ‍නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ඉකුත් 13 දා පැවති අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ නිල උත්සවයට සහභාගී වෙමින් ඒ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“වසර ගණනාවක් පුරා, චීන රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන් බොහෝ දක්ෂ ශ්‍රී ලාංකික සිසුන්ට චීනයේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල ඔවුන්ගේ අධ්‍යයන සිහින හඹා යාමට දොරටු විවර කර දී තිබෙනවා. කුසලතා මත පදනම් වූ සාධාරණ හා විනිවිද තේරීම් ක්‍රියාවලියක් හරහා අපි ශිෂ්‍යයන් තෝරාගෙන තිබෙනවා. මෙවැනි අවස්ථා නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දීමට සහ ඉදිරි පරම්පරාව සඳහා තිරසාර සංවර්ධනයක් ළඟා කර දීමට අවශ්‍ය ශක්තිය අප රටට ලබා දෙනවා. අපගේ ශිෂ්‍යත්වලාභීන්ට අද සිට ජීවිතයේ ආකර්ෂණීය නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වේවී.”

2025 වර්ෂය වන විට සිසුන්165 කට අධික ප්‍රමාණයක් මෙම ශිෂ්‍යයත්ව වැඩසටහනින් ප්‍රතිලාභ ලබා ඇති අතර ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කළමනාකරණය සහ කලා යන ක්ෂේත්‍රවලින් එම ශිෂ්‍යයත්ව දිනා ගෙන තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *