එන්න , පලස්තීනය වෙනුවෙන් පෙනීසිටිමු!

මෙම සිකුරාදා අගෝස්තු 15 වන දින එනම් අද දින, පලස්තීනය සමඟ සහයෝගීතාවය සඳහා වන දකුණු ආසියානු පාගමනට එක්වන ලෙසට කොළඹ පිහිටි නිදහස් පලස්තීනයක් උදෙසා ලාංකීය සමූහය විසින් ලාංකීක ජනතාවට ආරාධනා කරයි.

අද දින පස්වරු 3.00 ට බොරැල්ල කනත්ත වටරවුමෙන් ආරම්භ කරන පාගමන බොරැල්ල කැම්බල් උද්‍යානය දක්වා ගමන් කරයි. ඉන් අනතුරුව කැම්බල් උද්‍යානයේ දී අදහස් දැක්වීම සහ සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීමක් තුළින් ලාංකීය ජනතාව විපතට පත් පලස්තීන ජනතාව වෙත සංවේදි බව සහ සහයෝගිතාව දක්වන බව සංවිධායකයින් පෙන්වා දෙයි.

මෙදින එකම අවස්ථාවේදී බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, පකිස්ථානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව එකවර එකට ගමන් කරයි.

“අපි කනත්ත වටරවුමේදී හමුවී කැම්බල් උද්‍යානයට පා ගමනින් යමු. එකම පොදු ඉලක්කයක් සඳහා, එකම හඬකින්, සියලු පලස්තීන පක්ෂපාතී කණ්ඩායම්වල සන්ධානයක් වශයෙන්.” යැයි නිදහස් පලස්තීනයක් උදෙසා ලාංකීය සමූහය කියයි.

END/MMP/15082025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *