අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් දීමනාව එළැඹෙන 15 වැනිදා ගිණුම් වෙත – හිරුණි ලක්ෂිකා

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු මස 15 වැනිදා එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
මෙලෙස රුපියල් 11,275,973,750.00ක මුදලක් ප්‍රතිලාභී 1,421,745 අතරේ බෙදා දීමට නියමිතයි.
අදාළ ප්‍රතිලාභීන්ට අගෝස්තු 15වැනිදා සිට එම මුදල් ලබාගත හැකි බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.