‘The Hobbit ‘ පොතේ පිටපතක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

මනඃකල්පිත ළමා නවකතාවක් වන ‘The Hobbit ‘  පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ.

මෙය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතු කරන්නෙකුට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

John Ronald Reuel Tolkien විසින් රචිත මෙම නවකතාවේ පළමු මුද්‍රණය පිටපත් කරන ලද්දේ 1937 දී ය.

වෙන්දේසි ආයතනය අපේක්ෂා කළ මිලට වඩා හතර ගුණයක මිලකින් අලෙවි වී ඇති මෙම පොත ලොව පුරා සිටින සිය ගණනක් ලංසුකරුවන් ආකර්ෂණය කර ගෙන තිබේ.

‘The Hobbit ‘ යනු වඩාත්ම සාර්ථක ළමා නවකතා වලින් එකක් වන අතර එහි පිටපත් මේ වන විට මිලියන 100කට වඩා අලෙවි වී ඇත.

Copied: SinhalaAdaDerana

END/MMP/13082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *