මාලිමාවේ මන්ත්‍රීගේ ප්‍රකාශයට වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ විරෝධය -මොහොමඩ් ආසික්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන සුදත් බලගල්ල මහතා පසුගිය දිනක ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනු ලබන නිලධාරීන් පිළිබදව දක්වනු ලැබූ අදහස් දැඩි පිලිකුළෙන් යුක්තව හෙලා දකින බව සමස්ත ලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානය කියයි. සමස්ත ලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා සඳහන් කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් කිරීමේදි පෙර ගමන් කරුවන් වශයෙන් කටයුතු කළ රජයේ නිලධාරීන් පිළිබදව මෙලෙස ද්වෙශ සහහතව කරනු ලබන මෙම පදනම් විරහිත ප්‍රකාශ තුලින් රටේ ජනතාව අතර රජයේ නිලධාරීන් පිළිබදව දැඩි ක්‍රෝධයක් ඇතිවිය හැකි බවයි. ඔහු මේ සම්බන්ධයෙන් මෙසේද සඳහන් කරයි.
යම් රජයේ නිලධාරියෙක් හොරකමක්..දුෂණයක්..වංචාවක් කර ඇත්නම් රටේ පවතින නිතිය අනුව ඔවුනට නිසි ක්‍රියාමර්ග ගැනිමට හැකියාවක් තියෙන බව නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාට මතක් කර දීමට කැමැත්තෙමි.මීට පෙරත් ජාතික ජන බලවේගය රජයේ වගකිවයුතු පුද්ගලයන් විසින් මෙවැනි ප්‍රකාශ කිරිම දෙස අප අවධානයෙන් යුතුව බලා සිටියා.දිගින් දිගටම රජයේ සේවකයින් සම්බන්ධව පොදුවේ පදනම් විරහිත ලෙස කටයුතු කරන්නේ නම් වෘත්තීය සංගම් වශයෙන් යම් ක්‍රියාමාර්ගයන් සදහා අකමැත්තෙන් වුවද යොමු විමට සිදුවන බව ප්‍රකාශ කරමු. යනුවෙන්ද ඔහු සඳහන් කරයි.