කොළඹ මහ නගර සභාවෙන් ලොතරැයි පත් භාවිතා කරන්නන්ට විශේෂ පණිවිඩයක් – හිරුණි ලක්ෂිකා

කොළඹ මහ නගර සභාව (CMC) විසින් ලොතරැයි පත් භාවිතා කරන්නන් ඉලක්ක කර ගනිමින් වීඩියෝ පණිවිඩයක් හරහා පිරිසිදු කොළඹක් සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වගකීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමක් සිදුකරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇති මෙම වීඩියෝ පණිවිඩය හරහා , භාවිත කළ ලොතරැයි පත් අවිධිමත් ලෙස ඉවත නොදමා කුණු බක්කිවලට දමන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

වීඩියෝව සමඟ ප්‍රකාශයක් ද නිකුත් කරමින් කොළඹ මහ නගර සභාව මෙසේ සඳහන් කරනවා.

“සැබෑ ධනය ඇත්තේ අපගේ ක්‍රියාවන් තුළයි! අපගේ අපද්‍රව්‍ය සඳහා වගකීම ගෙන, අපගේ පරිසරය පිරිසිදුව තබා ගනිමු. කසළ අවිධිමත් ලෙස බැහැර නොකර, සෑම විටම නිවැරදි ස්ථානය භාවිතා කරන්න!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *