සංචාරක රියදුරු බලපත්‍ර සැලැස්ම දේශීය ජීවනෝපාය අවදානමට!

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් හට පැමිණීමේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ රජයේ යෝජනාව පිළිබඳව කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අදාළ සියලු පාර්ශ්වකරුවන්ගෙන් උපදෙස් නොගෙන එවැනි තීරණයකට රජය එළඹුණේ කෙසේදැයි ප්‍රශ්න කරයි.

“ශ්‍රී ලංකාව තුළ දැනටමත් ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර ඇති අයට මෙහි රිය පැදවීමට අවසර දෙන ගිවිසුමක් ක්‍රියාත්මක වෙනවා. නමුත් එය ඔවුන්ට පමණක් සීමා විය යුතුයි.” යනුවෙන් ඔහු සඳහන්කර ඇත.

සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබන නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේල සංචාරක කර්මාන්තයට සහාය වන්නේ සංචාරක මාර්ගෝපදේශකයින් සහ කුලී රථ ක්‍රියාකරුවන් දහස් ගණනක් බවත්, නිසි උපදේශනයකින් තොරව තීරණය ක්‍රියාත්මක කළහොත් ඔවුන්ගේ ජීවනෝපායන් අවදානමට ලක්විය හැකි බවත් සඳහන් කරයි.

සංචාරක අංශයට අහිතකර බලපෑම් ඇති කළ හැකි පියවරක් සමඟ ඉදිරියට යාමට පෙර පුළුල් සාකච්ඡාවල නිරත වන ලෙස රජයෙන් ඉල්ලා සිටින සංචාරක මාර්ගෝපදේශකයින් සහ කුලී රථ ක්‍රියාකරුවන්ගෙන් තමාට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් නාමල් රාජපක්‍ෂ සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත.

END/MMP/12082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *