‘ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්’ දුම්රිය සේවාව අගෝස්තු 16 වන දින ආරම්භ වේ

සංචාරක ව්‍යාපාරය නංවාලීම සහ දුර ගමන් පහසුව වැඩිදියුණු කිරීමේ අරමුණින්, කොළඹ සහ බදුල්ල අතර විශේෂ සති අන්ත දුම්රිය සේවාවක් වන ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස් දියත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දෙපාර්තමේන්තුවට අනුව, නව සේවාව ලබන සෙනසුරාදා (16) අලුයම 5:30 ට කොළඹ කොටුවෙන් පිටත් වීමෙන් ආරම්භ වේ. ආපසු ගමන ඉරිදා (17) පස්වරු 1:45 ට බදුල්ලෙන් පිටත් වී එදිනම කොළඹ කොටුවට පැමිණෙනු ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා පැවසුවේ මෙම සේවාව ශ්‍රී ලංකාවේ වඩාත්ම දර්ශනීය දුම්රිය මාර්ගයකට දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගෙන ඇති බවයි.
END/MMP/12082025