ලක්ෂ 50ක අම්බර් අත්අඩංගුවට

දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත දිවුලපිටිය – මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේ ඊයේ (10) උදෑසන සිදුකළ වැටලීමකින් අම්බර් තොගයක් (තල්මසුන්ගේ වමනය) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු, අවුරුදු 44ක් වියැති වතුරුගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසීය.

මෙහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ අම්බර් කිලෝ 01 ග්‍රෑම් 200ක් ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

END/MMP/11082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *