වසර 32කට පසුව ජාතික තරුණ සමුළුවක්!

වසර 32 කට පසු ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
මෙම සමුළුව අගෝස්තු 12 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරුණයින් 6,000 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රට පුරා ග්‍රාම සේවා වසම් 14,002 න් 12,700 කට අධික සංඛ්‍යාවක දැන් යෞවන සමාජ පිහිටුවා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. සියලුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සමුළු අවසන් කර ඇති අතර, සමහර සමාජ අක්‍රියව පැවති සහ දිස්ත්‍රික් සමුළු හයක් පවත්වා නොතිබූ පෙර අඩුපාඩු සපුරාලයි.
“ජාතික සම්මේලනය සඳහා තෝරාගත් තරුණ තරුණියන් 52 දෙනා සඳහා පුහුණුවීම් මේ වන විටත් ක්‍රියාත්මකයි. තවද යෞවන සමාජ සඳහා නව නිලධාරී මණ්ඩලයක් හඳුන්වාදීම ද මෙම උත්සවයේදී සිදුකෙරේ” යැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.