සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරයට එක්විය. නදීක දයා බණ්ඩාර

 

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරයට එක්විය.

පස්වරු 06.51ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගා පෙරහැර වීදි සංචාරයට එක්වූ අතර දළඳා වීදිය, යටිනුවර විදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් හැරී ඉහළට ගෙවැදිම සිදුවිය.

සාධාතුක පෙරහැර කරඩුව වැඩම කිරීම රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසින් සිදුකළ  අතර දෑලේ   සිංහ රාජා සහ පුලතිසි රාජා යන ඇතුන් ගමන් ගත්හ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පෙරහැරට එක්වූ අතර

දළදා පෙරහර නැරඹීම සඳහා මහා සංඝරත්නය, දේශීය සැදැහැවතුන් සහ විදේශීය සංචාරකයන් රැසක් සහභාගීවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *