මාධ්‍ය ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල සිසුන් බොහෝ දෙනෙකුට මාධ්‍ය කියව ගන්න බෑ -මොහොමඩ් ආසික්

(පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය දින වැඩසටහන්වලට එක් වෙමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයනා සුරවීර මහත්මිය කළ කතාව ඇසුරින්
මෙම ලිපිය සකස් කර ඇත. )
“ අපේ රටේ ආර්ථිකය, දේශපාලනය ,ආගම ,පාසල නීතිය යන මේසියලු දේම සුජාත භාවයෙන් තොර වෙන කොට මේ සියල්ලදූෂණයෙන් අවභාවිතාවෙන් පිරිල තියෙන කොට ඇයි අපි මාධ්‍ය යෙන්විතරක් සුජාත භාවයක් ඉල්ලන්නේ කියන කාරණය ගැන හිතන්නවෙනවා. මේක හොඳ ප්‍රශ්නයක් වෙනවා. අපේ සමාජයේ තියෙනඅනෙකුත් ආයතනත් එක්ක අපි ගනුදෙනු කරන්නේ බොහොමඅඩුවෙන් සමහර විට පැය ගාණක් වෙන්න පුළුවන් නැත්නම් ගනුදෙනු කරන්නෙම නැති වෙන්නත් පුළුවන් .නමුත් පුද්ගලයෙක් පැය 24පුරාම සම්බන්ධ වන එකම සමාජ ආයතනය තමයි මාධ්‍ය කියන්නේ.පුද්ගලයෙක් පැය 24 ම අවදි වෙලා ඉන්නවනම් ඔහු ඒ පැය 24 මමාධ්‍යත් එක්ක රැඳිල ඉන්නවා.ඒ නිසා සාමාන්‍ය සමාජ ආයතනයටවැඩිය අපි මාධ්‍යයෙන් වැඩි සමාජ වගකීමක් බලාපොරොත්තුවෙනවා. සමාජයේ පුරවැසියන් විදිහට.අනෙක් අතට ගන්න කොට ප්‍රධාන මාධ්‍ය හැරුණු කොට සමාජ මාධ්‍යඇවිත් තියෙනවා. 2025 අපේ රටේ ජනගහණය මිලියන 23 ක් . ඊටවැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන භාවිතා වෙනවා. 2025 මුල් කාර්තුවවන විට මිලියන 29 කට වැඩි ප්‍රමාණයක ජංගම දුරකථන භාවිතාවෙලා තිබුණා. ජනගහණයෙන් සියයට 139 ක් අපි ජංගම දුරකථනභාවිතා කරනවා. අපි ජංගම දුරකථනයේ ඩේටා සක්‍රිය කරල තියෙනසෑම තත්පරයකම අපි ලෝකයත් එක්ක ජීවත් වෙන්නේ.අපි අන්තර්
සම්බන්ධිත ජාලකරණය වෙච්ච මිනිස්සු. අද වන විට පවතිනතත්වය අනුව අපි කාටවත් මේ මාධ්‍යයෙන් මිදිල කටයුතු කරන්නබෑ.මාධ්‍ය ඒ තරම්ම බලපෑමක් අපට සිදු කරනවා.අපි ළමයින්ට උගන්වනවා මාධ්‍ය සාක්ෂරතාවය කියල විෂයයක්.ළමයින්ට හරි අවබෝධයක් නෑ මාධ්‍ය ගැන හරියට කියව ගන්න.අදවන විට රූපවාහිණි ගුවන්විදුලි නාලිකා විශාල ප්‍රමාණයක්තියෙනවා.නමුත් හරි විදිහට මාධ්‍යයක් කියව ගන්න පුළුවන් දරුවෝඉන්නේ බොහොම අතලොස්සයි.ඒ අයට දැන්වීමක් කියව ගන්න බෑ.මාධ්‍ය මගින් දෙන පණිවිඩයක් කියව ගන්න බෑ. ගීතයක් කියවගන්න බෑ. මේ අර්බුදය කොතැනින්ද එන්නේ. මේ අර්බුදය පිළිබිඹු
වන තවත් තැනක් තමයි අපේ උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍යඅධ්‍යයනය විෂය. පැය 24 ම ගත කරන මාධ්‍ය ඇතුළෙ දි සිසුන්30,000 කට ආසන්න පිරිසත් උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍යඅධ්‍යයනය විෂය ලියනවා. එයින් ළමයින් 8,000 කට වැඩි පිරිසක්අසමත් වෙනවා. බොහොම සජීවි විෂයක් එදිනෙදා අපිත් එක්කකටයුතු කරන විෂයක්.නිර්මාණාත්මක චින්තයත් එක්ක ලියන්නපුළුවන් විෂයක්. මාධ්‍ය ගැනඇහුවහම ඕන තැනකින් ලියන්නපුළුවන්. මාධ්‍ය ප්‍රශ්න පත්‍රයෙන් අහන්නේ අපේ එදිනෙදා තියෙනවිස්තර .මේ වගේ සජීවි විෂයයකට 8,000 කට වඩා අසමත්වෙනාවකියන්නේඒකඉතාමඅභාග්‍යසම්පන්නතත්වයක්. මේකට හේතුතියෙනවා. අද දරුවන්ට නිර්මාණාත්මක චින්තනයක් නෑ. විවේචනාත්මක චින්තනයක් නෑ. ළමයි තමන්ගේ දක්ෂතාවය දන්නේ
නෑ. හරියට ප්‍රශ්නය කියව ගෙන ලියා ගන්න තේරෙන්නේ නෑ. කාරණාගොඩක් තියෙනවා .දරුවන් ටියුෂන් ගියත් නැතත් අද යූ ටියුබ් එකේඕන තරම් ටියුෂන් තියෙනවා.මෙච්චර සම්පත් තිබිලත් ඇයි 8,000 ක්
අසමත් වෙන්නේ. ඒක බරපතල කාරණාවක්. අපි ඉස්කෝලේ යනකොට අපි කියවන්න ඕන අපි හොයල තමයි උත්තර ලියන්න ඕන .නමුත් අද ක්ලික් කරපු ගමන් සම්පත් ලැබෙනවා.ඇයි අද දරුවන්ට
කතාවක් කර ගන්න බැරි ඇයි ශබ්ද කෝෂයක් නැති වෙන්නේ. ඇයිදරුවන්ට විවේචනාත්මක චින්තයක් නැති වෙන්නේ.අද අපට හිතන්න වෙලා තියෙනවා වගකීමක් සහිත ඩිජිටල්පුරවැසියෙක් වෙන්නේ කොහොමද කියලා. අපි හුඟ දෙනෙක් ප්‍රධානධාරාවේ මාධ්‍යවලින් ඈත් වෙලා හිටියට අපි ඔක්කොම ජංගමදුරකථය ඔස්සේ බලන්නේම ඒ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය. අද අපි සමාජමාධ්‍යත් එක්ක ඉන්නේ.ජංගම දුරකථය තිබ්බට මම දන්නවා ඒකමගේ වැඩවලට පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා.ස්මාර්ට්ෆෝන් එකේ ස්මාර්ට් කෑල්ලෙන් වැඩ ගන්න මම දන්නවා. නමුත්දරුවන් මේ ස්මාර්ට් කෑල්ල යොදා ගන්නේ අධ්‍යාපනයදියුණුකරගන්නවත් හැකියාව දියුණු කරගන්නවත් නිර්මාණාත්මක කුසලතාවැඩි දියුණු කර ගන්නවත් නෙවෙයි කියලා අපට පේනවා. ඔබහිතන්න මේ සමාජ මාධ්‍ය වේදිකාවේ වැදගත් පුරවැසියෙක් ලෙස
හැසිරෙන්න අපි දන්නවද කියලා. අද අපි ඔක්කොම මාධ්‍යකරණයේයෙදෙනවා. අපි පාරේ යන කොට මොකක් හරි විශේෂ සිද්ධියක්දැක්කොත් ඒක වීඩියෝ කරලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා.
මේකෙන් ධනාත්මක බලපෑමක් ඇති වෙන්න පුළුවන් . නමුත් මේකහැම වෙලාවෙම සිද්ධවෙනවද කියල අපි බල්නන ඕන .මම මේ ළඟදිදැක්කා තරුණ දරුවෙක් බෙල්ලේ වැළදා ගෙන සිය දිවි හානි කරගෙන තියෙනවා. එයාගේ උඩුකය නිරුවත්. යටට කොට කලිසමක්ඇඳල හිටියේ. දරුවා එල්ලිලා ඉන්න විදිහේ පෝස්ට් එකක් මුහුණුපොතේ යනවා. එක එක්කෙනා එක එක හෑලි දම දමා ඔය දරුවාඑල්ලිලා ඉන්න එක ෂෙයා කරනවා. මේව වගේ දෙයක් ජීවිතයට කරන්න එපා .ළමා ආරක්ෂණ අධිකාරියත් එක්ක එකතු වෙලා මේදිනවල අපි හදා ගෙන යනවා ළමයින්ට වෙන් වෙච්ච ආචාර් ධර්මපද්ධතියක්.දරුවෝ කියන්නේ දරුවො. සදාම් හුසේන් එල්ලලා මරණවචැනල්වල පෙන්නුවා.මේක අනුකරණය කරලා ලෝකය වටේ ළමයිසිය ගාණක් මැරෙනවා. ළමයි කියන්නේ බොහොම අනුකරණාත්මකකොට්ඨාසයක්. අර දරුවා සිය දිවි නසා ගත්ත පින්තූරය බෙදාහැරීම මගින් ඔබ කරන්නේ ඉතාම දරුණු ගණයේ අපරාධයක්. අපිපුන පුනා කියනවා වග කිව යුතු මාධ්‍යක් නම් සිය දිවි නසා ගත්ක්‍රමය දාන්න එපා කියලා. නමුත් ඔබ කල්පනා කරන්න අධ්‍යතනමාධ්‍ය සමාජ මාධ්‍ය වේවා ප්‍රධාන මාධ්‍ය වේවා මේ සිය දිවි නසාගැනීම් ක්‍රමයත් එක්ක වාර්තා වීම් කොච්චර වෙනවද? මම කියන්නේමේ සමාජ අපරාධය කරන්න එපා. වගකීම් විරහිතව වැඩ කරන්න
එපා. ඒක වැරදියි. යැයිද ආචාර්ය නයනා සුරවීර මහත්මිය මෙහිදී තව දුරටත් සඳහන් කළාය.