පෙරහැර මංගල්‍ය නිමා කරමින් දිය කැපීම ගැටඹේ දිය කපනා ගං තොටේදී – නදීක දයා බණ්ඩාර

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් අවසන් රන්දෝලි පෙරහැරින් අනතුරුව දිය කැපීමේ මංගල්‍යය අද අලුයම ගැටඹේ දිය කපනා ගං තොටේදී සිදුවිය.
අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරයෙන් පසු පෙරහැර කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කොට නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ මහවැලි ගංතොට වෙත ගොස් අලුයම් කාලයේ දිය කැපීමේ චාරිත්රෙය සිදුකරති. මෙම චාරිත්රයය සිදුවන අවස්ථාවේ ගැටඹේ මහවැලි ගංතොටට අති විශාල ජනතාවක් සහභාගී වන අතර මෙම සිරිතට සහභාගී වීමෙන් අපල උපද්‍රව දුරු වෙතැයි ජනතාව විශ්වාස කරති.
දිය කැපීමේ චාරිත්‍රෙයන් අනතුරුව එම පෙරහර නැවත සිව් මහා දේවාල මහනුවර කටුකැලේ පුල්ලෙයාර් කෝවිල වෙත පැමිණ ආගමික චාරිත්‍ර සිදු කරයි.
ඉන්පසුව අස්ගිරි ගෙඩිගේ මහා විහාරයෙන් පස්වරු 02 පසුව විනාඩි 16 ට එළඹෙන සුභ මොහොතින් දවල් පෙරහැර ආරම්භ වන අතර පෙරහැර ඉතා සාර්ථකව නිමකළ බවට ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා හට පෙරහැර සංදේශය භාරදීමෙන් පසු මහනුවර ඇසළ පෙරහැර මංගල්යදය නිමාවට පත්වේ.