අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්භන්ධයෙන් සාකච්ඡාවක්!

“ධීවර,කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර දියුණු කර එම අංශවල විශේෂඥ දැනුම සහිත ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සිදු කරන්න. “- අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ මස 07 වන දා කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්විණි.
මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
සියලුම දරුවන්ට උසස් යැයි සම්මත රැකියාවල නිරත වීමට අවස්ථාව නොලැබෙන අතර කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී.
මෙහිදී ගුරු පුරප්පාඩු පියවා ගැනීමේ දී විෂය ප්‍රවීණයින් තෝරා ගැනීමේ වැදගත්කමත්, එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමත්, හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනී රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුළු රදගුරු හිමිපාණන් වහන්සේලා සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය