වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් ගල්කුලමේදී අනතුරක – හිරුණි ලක්ෂිකා

වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් අද (07) තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදි අනතුරට ලක්විමෙන් එහි රියදුරු ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ ගල්කුලම ගල්වඩුවාගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මතුගම සිට අනුරාධපුරයේ වන්දනාව සඳහා යමින් සිටි මතුගම ප්‍රදේශයේ පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

ධාවනය වෙමින් තිබූ එම වෑන් රථයේ රෝදයක ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් එම රෝදය ගැලවී ගොස් එය රියදුරුගේ පාලනයෙන් ගිලිහි මාර්ගයේ පෙරැලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම වෑන් රථයේ පුද්ගලයින් අට දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

වෑන් රථයේ රියදුරු ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි සඳහන් වෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *